ගී පද
විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවි
ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රමෝද වී
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ
රන් කරල් නැමී සිරිබර වාසනාවෙනී
සත්රුවන් සිනා දොර තොර වූ උදානෙනී
දෑතෙ විරියෙන් දිනූ දා බිදෙන් ඔප වුණු
අභිමානවත් දැයක් රැගෙන වරෙන් උදෑසනේ
හිත් පිරී නිතින් යහ ගුණයෙන් උදාර වු
ලොල් වඩන උපන් බිම වෙත වෙනි නිකාණ වූ
සෞම්‍යවන් පැතුම් තුළින් සුරන් බෙලෙන් වොරැදුණු
යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ