විල් තෙරේ පියුම් පිපීwil theree piyum pipii

Wil There Piyum Pipi

Lyrics

විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවි
ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රමෝද වී
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ

රන් කරල් නැමී සිරිබර වාසනාවෙනී
සත්රුවන් සිනා දොර තොර වූ උදානෙනී
දෑතෙ විරියෙන් දිනූ දා බිදෙන් ඔප වුණු
අභිමානවත් දැයක් රැගෙන වරෙන් උදෑසනේ

හිත් පිරී නිතින් යහ ගුණයෙන් උදාර වු
ලොල් වඩන උපන් බිම වෙත වෙනි නිකාණ වූ
සෞම්‍යවන් පැතුම් තුළින් සුරන් බෙලෙන් වොරැදුණු
යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.