ගී පද
වෙන කාගෙවත්ම වෙන්නට බෑලු
තව කාටවත්ම ඇහැ යන් නෑලු
අයිති වෙන්නේ මටලු මගේම විතරලු
අයිතිකාරයා වෙන්නලු...
හිත පොඩිඩක් බර වෙලාලු
දුක එහෙමත් නැගෙනවාලු
මාවම මතක් වෙනවලු//
හීනෙන් පේනවාලු මායමි දානවාලු
ඇවිල්ලා අරන් යන්නලු//
වෙන කාගෙවත්ම වෙන්නට බෑලුු....
ඉස්සර මෙහෙම නෑලු
වෙන දේ දන්නෙ නෑලු
තාමත් හරි පුදුමයිලු//
මාවම හුරු වෙලාලු නැතිවම බැරි වෙලාලු
වෙන අය ඔිනෙම නෑලු//
වෙන කාගෙවත්ම වෙන්නට බෑලු....