වෙන කාගෙවත්ම වෙන්නට බෑලුwena kaagewathma wennata baelu

Wena Kagewathma Wennata Baalu

Lyrics

වෙන කාගෙවත්ම වෙන්නට බෑලු
තව කාටවත්ම ඇහැ යන් නෑලු
අයිති වෙන්නේ මටලු මගේම විතරලු
අයිතිකාරයා වෙන්නලු...

හිත පොඩිඩක් බර වෙලාලු
දුක එහෙමත් නැ⁣ගෙනවාලු
මාවම මතක් වෙනවලු//
හීනෙන් පේනවාලු මායමි දානවාලු
ඇවිල්ලා අරන් යන්නලු//

වෙන කාගෙවත්ම වෙන්නට බෑලුු....

ඉස්සර මෙහෙම නෑලු 
වෙන දේ දන්නෙ නෑලු
තාමත් හරි පුදුමයිලු//
මාවම හුරු වෙලාලු නැතිවම බැරි වෙලාලු
වෙන අය ඔිනෙම නෑලු//

වෙන කාගෙවත්ම වෙන්නට බෑලු....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.