ගී පද
වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හරි සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගේ අතින් අල්ලයි
ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිළෙන සමනළ තටු මත්තේ
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ
වසන්තයේ මල් කැකුළයි
ඈත මග දිහා බලලා නෙත කකියනවා
සිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉදින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්
වසන්තයේ මල් කැකුළයි