වසන්තයේ මල් කැකුළයි - wasanthaye mal kekulaiwasanthayee mal kaekulayi - wasanthaye mal kekulai

වසන්තයේ මල් කැකුළයි - wasanthaye mal kekulai

Lyrics

වසන්තයේ මල් කැකුළයි 
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හරි සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගේ අතින් අල්ලයි

ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිළෙන සමනළ තටු මත්තේ
ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ

වසන්තයේ මල් කැකුළයි 

ඈත මග දිහා බලලා නෙත කකියනවා
සිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉදින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්

වසන්තයේ මල් කැකුළයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.