ගී පද
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවී...
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙ අමා පාමුල මින් තේරේවි
මැණිකෙ ලැබුනේ මාගේ
පෙර පිනකින් වාගේ
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ...//
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙහිත් මා ප්‍රේම කලා
ගම්මානේ පෙම් සිහිනේ එලිවෙන්නේ
එලිවෙන්නේ ගම්මානේ...
අසරණ කෙල්ලෙකි මා කුල සිරිතට දෙන්නෙ නැතේ
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇති
දැනගෙන රහස අපේ කෙකටිය කැකුළු පිපේ//
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..
වැල්ලේ කිරි වැල්ලේ...//