වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවීwaellee kiri waellee haadhuu dheewii

Walle Kiri Walle Hadu Dewi

Album
Tikiri Manike

Lyrics

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවන‍යේ ප්‍රේම මැණික් පෑදේවී...
ප්‍රේම අමා පානේ මුව බේරේවී
ලෝකෙ අමා පාමුල මින් තේරේවි

මැණිකෙ ලැබුනේ මාගේ
පෙර පිනකින් වාගේ
ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ...//

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා
‍නොදන්නවාද සිහින ලොවෙහිත් මා ප්‍රේම‍ කලා
ගම්මානේ පෙම් සිහිනේ එලිවෙන්නේ
එලිවෙන්නේ ගම්මානේ...

අසරණ කෙල්ලෙකි මා කුල සිරිතට දෙන්නෙ නැතේ
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇති
දැනගෙන රහස අපේ කෙකටිය කැකුළු පිපේ//

ඕලු නෙළුම් මානෙල් මැද සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..

වැල්ලේ කිරි වැල්ලේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.