ගී පද
වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා //
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා //
පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා //
දසන්තේ පියා සලාලා සදේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා //
රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උණුසුමක් පතා //
පැතූ පෙම් පැතුම් ..... //