වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමාwalaakul wiyan thanaalaa iree raes niwaa dhamaa

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Lyrics

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා //
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා //

පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා //

දසන්තේ පියා සලාලා  ස‍දේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා  කොහේ හැංගුනේ කියා //
රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උණුසුමක් පතා //

පැතූ පෙම් පැතුම් ..... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.