ගී පද
ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ
සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ
බල්ලෝ මරලා සල්ලි අරන් එකෙත් කිසි ගතියක් නෑ
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ
වැඩක් නෑ වැඩක් නෑ///
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...
උලත් එකයි පිලත් එකයි අපිට ඉතින් කොහෙත් එකයි
බජාර් එකේ චන්ඩි වුනත් සංගීතෙට නොන්ඩි තමයි
ලෝකේ කාලා වතුර බීලා හැමතැනටම ජල්ලි ඇදලා
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ
වැඩක් නෑ වැඩක් නෑ////
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...
රාග තාල එකතු කරන් ඉන්දියාව කරේ තියන්
කෝමල ටික හිරකරගෙන ගන සමය මුර කරගෙන
සාත්තරය ප්‍රගුණ කරන් සාක්කුවත් ඉවර කරන්
ගීත ගයලා මෙහෙ වැඩක් නෑ
අයියෝ එහෙ වගේ මෙහේ ගතියක් නෑ...
වැඩක් නෑ වැඩක් නෑ////
වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ...