වැඩක් නෑ (ඉරට හැතැම්මයි)waedak nae (irata haethaemmayi)

Wadak Na (Irata Hathammay)

Music:
දීලුම් තේජනdhiilum theejana
Lyrics:
රන්දීප වික්‍රමරත්නrandhiipa wikramarathna

Lyrics

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ 
සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ 
බල්ලෝ මරලා සල්ලි අරන් එකෙත් කිසි ගතියක් නෑ 
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ 
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ 

වැඩක් නෑ  වැඩක් නෑ///
වැඩක් නෑ  වැඩක් නෑ වැඩක් නෑ...  

උලත් එකයි පිලත් එකයි අපිට ඉතින් කොහෙත් එකයි 
බජාර් එකේ චන්ඩි වුනත් සංගීතෙට නොන්ඩි තමයි 
ලෝකේ කාලා වතුර බීලා හැමතැනටම ජල්ලි ඇදලා 
අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ 
මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ 

වැඩක් නෑ  වැඩක් නෑ////
වැඩක් නෑ  වැඩක් නෑ වැඩක් නෑ...  

රාග තාල එකතු කරන් ඉන්දියාව කරේ   තියන් 
කෝමල ටික හිරකරගෙන ගන සමය මුර කරගෙන 
සාත්තරය ප්‍රගුණ කරන් සාක්කුවත් ඉවර කරන් 
ගීත ගයලා මෙහෙ වැඩක් නෑ 
අයියෝ එහෙ වගේ මෙහේ ගතියක් නෑ... 

වැඩක් නෑ  වැඩක් නෑ////
වැඩක් නෑ  වැඩක් නෑ වැඩක් නෑ...  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.