ගී පද
විජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මා ලිය
හදවත් දාරිය
මිහිකත ධරණිය
කුණ්ඩල කේෂිය...
යශෝධරා වූ උත්තම මෑණීය
ඔබ කුලවමි යැයි
රංජනියයි ලෝකේ ලෝකේ
ලෝකේ....
ඉන්දීවරියේ
අප්සරාවියේ
කිරි වැඩුණා ලද මල්වරියේ
ලලිත ප්‍රභාවයි
සෂරේඛාවයි
සැම දන හද සොමි රුවන් ගැබේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ...
තිසර ධේනුවේ
හද විල් තෙරෙහි
සදසරණ ලද
පිම්බරියේ
ඉන්ද්‍ර දිශාවයි
දිවි සුර්යවයි
ලලිත සිතෙක නිති ජයක් අදේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ...
විජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මා ලිය
හදවත් දාරිය
මිහිකත ධරණිය
කුණ්ඩල කේෂිය...
යශෝධරා වූ උත්තම මෑණීය
ඔබ කුලවමි යැයි
රංජනියයි ලෝකේ ලෝකේ
ලෝකේ....