Vijulathavee - විජුලතාවීvijulathavee - wijulathaawii

Vijulathavee Lowa sarasu - විජුලතාවිය ලොව සැරසූ

Album
Me Compilation, Vol. 3 - December Release 2013

Lyrics

විජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මා ලිය

හදවත් දාරිය
මිහිකත ධරණිය
කුණ්ඩල කේෂිය...

යශෝධරා වූ උත්තම මෑණීය
ඔබ කුලවමි ‍යැයි
රංජනියයි ලෝකේ ලෝකේ
ලෝකේ....

ඉන්දීවරියේ
අප්සරාවියේ
කිරි වැඩුණා ලද මල්වරියේ
ලලිත ප්‍රභාවයි
සෂරේඛාවයි
සැම දන හද සොමි රුවන් ගැබේ

චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ...

තිසර ධේනුවේ
හද විල් තෙරෙහි
සදසරණ ලද
පිම්බරියේ

ඉන්ද්‍ර දිශාවයි
දිවි සුර්යවයි
ලලිත සිතෙක නිති ජයක් අදේ

චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත සමන්ත භද්‍රය ඔබයි සදා ලෝකේ...

විජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මා ලිය

හදවත් දාරිය
මිහිකත ධරණිය
කුණ්ඩල කේෂිය...

යශෝධරා වූ උත්තම මෑණීය
ඔබ කුලවමි ‍යැයි
රංජනියයි ලෝකේ ලෝකේ
ලෝකේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.