ගී පද
[Chorus]
විහඟුන් ගී ගයනා - සීතල හිමිදිරියේ
සීතල පිනි වැටෙනා තරු නිදන යාමයේ
ඇයටද හොර රහසේ - ඔහු සැඟව ගියාදෝ
ඔහු සැඟව ගියාදෝ - දිවියෙන් හොර රහසේ
[Verse 1]
ඇයගේ තුරුලේ සැනසී ඉන්නට -
ඔහුගේ දිවියේ වරම් ලැබී
සඳේ සිසිලස පෙමින් ඔහු විිදි දා -
තරුවක් පෙම් බැන්දා - රහසින් හොර රහසින්
සඳෙන් හොර රහසින් - තරුවක් හොර රහසින්
--------------------------------------------------------------------------------
[Verse 2]
සඳ රැස් අහසේ තනි කරදා -
එන්නට තරුවයි කතා කලේ
දෙලොවක් අතරේ කතරක ඔහු තනිවී
සඳට හොර රහසේ - තරුවට පෙම් බැන්දේ
තරුවක් නිමා කලේ - දිවියයි අද ඔහුගේ
විහඟුන් ගී ගයනා - සීතල හිමිදිරියේ ----------/
[END] ඔහු සැඟව ගියාදෝ - ඇයගෙන් හොර රහසේ
--------------------------------------------------------------------------------------------------
ගායනය / ගී තනු / සංගීතය - රොෂාන් මාටිනස්