විහඟුන් ගී ගයනා සීතල හිමිදිරියේwihangun gii gayanaa siithala himidhiriyee

Vihagun Gee Gayana Seethala Himidiriye

Album
Roshan Martinus

Lyrics

[Chorus]
     විහඟුන්  ගී  ගයනා  -  සීතල  හිමිදිරියේ  
     සීතල  පිනි  වැටෙනා  තරු  නිදන  යාමයේ 
     ඇයටද  හොර  රහසේ  -  ඔහු  සැඟව  ගියාදෝ 
     ඔහු  සැඟව  ගියාදෝ  -  දිවියෙන්    හොර  රහසේ 

[Verse 1]
     ඇයගේ  තුරුලේ  සැනසී  ඉන්නට  - 
     ඔහුගේ දිවියේ  වරම්  ලැබී  
      සඳේ  සිසිලස  පෙමින්  ඔහු  විිදි දා  - 
      තරුවක්  පෙම්  බැන්දා  - රහසින්  හොර  රහසින් 
      සඳෙන්  හොර  රහසින්  -  තරුවක්  හොර  රහසින් 
--------------------------------------------------------------------------------
 [Verse 2]
     සඳ රැස්  අහසේ  තනි  කරදා  -  
     එන්නට  තරුවයි  කතා කලේ 
      දෙලොවක්  අතරේ  කතරක     ඔහු  තනිවී 
      සඳට  හොර  රහසේ  - තරුවට  පෙම්  බැන්දේ  
      තරුවක්  නිමා  කලේ  - දිවියයි  අද  ඔහුගේ  

විහඟුන්  ගී  ගයනා  -  සීතල  හිමිදිරියේ ----------/ 

[END]		ඔහු  සැඟව  ගියාදෝ  -  ඇයගෙන්  හොර  රහසේ   
--------------------------------------------------------------------------------------------------
                                   ගායනය / ගී තනු / සංගීතය -  රොෂාන් මාටිනස් 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.