ගී පද
උපන් කාට වුනත් මේ චංචල ලෝකේ
දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ
එයින් සැපත වහා ඔබ අත හැර යන්නේ
නමුත් දුක පැල් බැඳ සදහට නවතින්නේ
සතුරෙකු ලෙස දන්න දුක ළංකර ගන්න
එවිට අහස පොළව දෙපළු වුනත්
හැකි වෙයි ඉවසන්න
බර ඇත හිස මත්තේ මහ දුර යා යුත්තේ
ගමන් මඟ දිගටම කටු ගල් මුල්
බාධකමය ඇත්තේ
සැපත ලෙස දැනෙන්නේ - දුකෙක මුල පිරෙන්නේ
ඉතින් වෙස් බැඳගෙන එන සැපතට - මොටද මුලා වෙන්නේ