උදෑසනම පොඩි අපි දිව එනවාudhaesanama podi api dhiwa enawaa

Udasanama Podi Api Diwa Enawa

පද රචනය:
ගාමිණී විජේතුංගgaaminii wijeethunga

ගී පද

උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා//
උදේ පාන්දර පාසල් යන්නට 
බසයක් ඇවිදින් කතා කරනවා

දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොර කන්නට
පේළි ගැසී බසයට නැග ගත්විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට//

උදෑසනම පොඩි...

මේ පොඩි බස්රිය ඔබේය හිතලා 
කුරැටු ගෑම හරි නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස්රිය රැකගන්නේ//

 උදෑසනම පොඩි...