Lyrics
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවී එළියට එනවා//
උදේ පාන්දර පාසල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
දෙබර මුලක් ගල් වැදී සැලෙන සේ
එපා පුංචි ළමයිනි පොර කන්නට
පේළි ගැසී බසයට නැග ගත්විට
මුතු ඇමුණුව වාගේ මුතු පොටකට//
උදෑසනම පොඩි...
මේ පොඩි බස්රිය ඔබේය හිතලා
කුරැටු ගෑම හරි නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස්රිය රැකගන්නේ//
උදෑසනම පොඩි...