ගී පද
(තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)
(සැළෙන මඳ පවන්
පිනවන්න සිත් සතන්
නොදුවන්නෙ අප වෙතින්
තරහයි ගියොත් ඉතින්...//)
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......
(සුකොමළිය බොළඳය
තරුණ ළලන කොමළය
සියුමැළිය සොඳුරුය
ඔය ගමන කදිමය...//)
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......//
(එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)