තරුණ ජීවිතේtharuna jiiwithee

Tharuna Jiwithe

Lyrics

(තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනෙ සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)

(සැළෙන මඳ පවන්
පිනවන්න සිත් සතන්
නොදුවන්නෙ අප වෙතින්
තරහයි ගියොත් ඉතින්...//)

තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......

(සුකොමළිය බොළඳය
තරුණ ළලන කොමළය
සියුමැළිය සොඳුරුය
ඔය ගමන කදිමය...//)

තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්......//
(එන්න ප්‍රීති වන්න සැවොම දැන් ඉතින්...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.