තාරුකා දිලී දිලේthaarukaa dhilii dhilee

Tharuka Dili Dile

සංගීතය:
නලින් නාගොඩවිතානnalin naagodawithaana
පද රචනය:
පැලවත්තේ රතනසිරි හිමිpaelawaththee rathanasiri himi

ගී පද

තාරකා දිලී දිලේ  නුබේ දෙනෙත් පුරා
මාහදේ පැතු පැතුම් නැගෙයි අලුත් වෙලා
හිතේ පිරුණු ආදරේ දෙකොපුලේ තබා
ලංවෙමි මුවෙන් මුවේ  ආදරේ කියා

ආලවන්ත වීදියේ ඔබ අතේ වෙලි
ඈත දුරක එන්නෙමි පෙම සොයා ඇදී
මා හදේ පිරී පැතුම් ඉටුවනා දිනේ
රහසකින් කියන්නෙමි ආදරේ සුවේ

සඳ හොරෙන්  බලා හිඳී නොනිදනා රැයේ
පිණි කඩා වැටෙන්නෙ මේ උණුසුමින්  අපේ
හදවතේ සදා ලැගුම් ගන්න පෙර ඉතිං
නෙත් වසා විදින්නෙමි සසරෙ පැතු සුවේ