Lyrics
තාරකා දිලී දිලේ නුබේ දෙනෙත් පුරා
මාහදේ පැතු පැතුම් නැගෙයි අලුත් වෙලා
හිතේ පිරුණු ආදරේ දෙකොපුලේ තබා
ලංවෙමි මුවෙන් මුවේ ආදරේ කියා
ආලවන්ත වීදියේ ඔබ අතේ වෙලි
ඈත දුරක එන්නෙමි පෙම සොයා ඇදී
මා හදේ පිරී පැතුම් ඉටුවනා දිනේ
රහසකින් කියන්නෙමි ආදරේ සුවේ
සඳ හොරෙන් බලා හිඳී නොනිදනා රැයේ
පිණි කඩා වැටෙන්නෙ මේ උණුසුමින් අපේ
හදවතේ සදා ලැගුම් ගන්න පෙර ඉතිං
නෙත් වසා විදින්නෙමි සසරෙ පැතු සුවේ