ගී පද
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ …
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම් … පුරනා ….
මගේ ලයේ …එතී එතී …
රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ නැති ලොවක් …
ඔබම සිත පැතුවා …
කදුලක් නැත ලෝකේ …
ඔබේ සිනා රැදෙනා …
ඔබ නෑ ලග මාගේ …
තනිවෙලා …මා සදා …
ඔබේ සුසුම් …
හුරු දෙතොල් ලග …
සීතලෙන් වෙලිලා …
ඔබේ නුවන් හෙට …ඔහු ලොවේ …
හිරුකිරණ වෙනවා …
ඔබ නැතී සන්තාපේ …
උහුලගන්නට බෑ …
තවමත් නෙතු මාගේ …
මග බලයි එනතුරා …
ඔබ යලිත් …
තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ …
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම් … පුරනා ….