සුසුමෙ දැවටෙන්න ඕනේsusume dhaewatenna oonee

Susume Dawatenna One

සංගීතය:
නිසාම් ගුණසිංහnisaam gunasinha
පද රචනය:
රොෂාන් සිරිල්roshaan siril

ගී පද

සුසුමෙ දැවටෙන්න ඕනේ 
සෙනෙහේ වෙලෙන්න පෙර වාගේ 
තුරුලේ සැඟවෙන්න ඕනේ 
උණුහුම විඳින්න පෙර වාගේ 
වාවන්න බෑ මේ ආදරේ 
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ

නිසොල්මන් වෙලා ඇයිදෝ දෙනුවන් පියා 
අයිති නෑ ඔයා මට දැන් වෙන්ව යන නිසා 
කවුදෝ ඇයිදෝ වෙන් කලේ සදා 
කොහේදෝ ඉන්නේ මගේ පණ ඔයා 
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ

හීනයක්ද මේ දකින්නේ හිත අහනවා 
මිලින වී ඔබේ රුව දැන් කඳුළු සලනවා 
සරනා තුරු මේ සසර මග පුරා 
වෙන්වී නොඑනා ලෙසින් මතු සදා 
හමුවී රැඳෙන්න ආයේ ආදරි ඔයා

සුසුමෙ දැවටෙන්න...