Lyrics
සුසුමෙ දැවටෙන්න ඕනේ
සෙනෙහේ වෙලෙන්න පෙර වාගේ
තුරුලේ සැඟවෙන්න ඕනේ
උණුහුම විඳින්න පෙර වාගේ
වාවන්න බෑ මේ ආදරේ
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ
නිසොල්මන් වෙලා ඇයිදෝ දෙනුවන් පියා
අයිති නෑ ඔයා මට දැන් වෙන්ව යන නිසා
කවුදෝ ඇයිදෝ වෙන් කලේ සදා
කොහේදෝ ඉන්නේ මගේ පණ ඔයා
සැඟවී ගියාද මාගේ සුරඟන ඔයා
සුසුමෙ දැවටෙන්න ඕනේ
හීනයක්ද මේ දකින්නේ හිත අහනවා
මිලින වී ඔබේ රුව දැන් කඳුළු සලනවා
සරනා තුරු මේ සසර මග පුරා
වෙන්වී නොඑනා ලෙසින් මතු සදා
හමුවී රැඳෙන්න ආයේ ආදරි ඔයා
සුසුමෙ දැවටෙන්න...