ගී පද
සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
යලි මදහසක් හෙලා
යලි මදහසක් හෙලා කියනා දේ නම් මට හැගෙයි
ලෙංගතු කම වැඩි උනාම මමත් ඔහොම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී
මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි
සුසුම්ලමින් මගේ දිහා ....