සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයිsusumlamin magee dhihaa amanaapen balayi

Susum Lamin Mage Diha Amanapen Balai

Lyrics

සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී

මම දෙයකට හා  කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
යලි මදහසක් හෙලා
යලි මදහසක් හෙලා කියනා දේ නම් මට හැගෙයි
ලෙංගතු කම වැඩි උනාම මමත් ඔහොම තමයි
රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලි මට අගෙයි

සුසුම්ලමින් මගේ දිහා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.