ගී පද
මන්දාරම් අඳුරේ තෙමුනා වස්සානේ
හමන සිහිලැල්ලේ වෙලුනා මා හර්දේ
කොඳුරා පැවසු දේ මතකයි අද වගේ
දුටුවන්ගේ හද ඉන් කැළඹුනේ
සරනා විහඟුන් සේ දෙදෙනා උන් කාලේ
උයනක් වූවා මේ පෙම් පාරාදීසේ
තාමත් සිහි වන්නේ චයාවන් නුඹගේ
නොමැකෙ මතකයන් අපගේ
සුන් වුණා සුන් වුණා පැතූ පෙම් පැතුම් සුන් වුණා
තනි වුණා තනි වුණා ප්‍රියේ මා සොවින් තනි වුණා
අයෙකුට අප සෙනෙහස ඉවසුම් නැති වග තේරුණා
අපට උරුම පෙම බිඳලන්නට ඔහු වෑයම් කළා
කෙසේදෝ නුඹ අන් අයෙකු හට පුද කර හදින් වාවන්නේ මා
සුහදයෙකු නොව හෙතෙම අප තුල අවිශ්වාසය ඇති කළා
සුන් වුණා...
පෙර මිතුරු නමුදු ඔහු නිසා මගෙන් ඔබ වෙන් වුණේ
ලඟින් සිටි නමුදු ඔහු පිටුපා බව අදයි වැටහුනේ
නොදැනදෝ නුඹ අනෙකුගේ රළු මුසා වදනට රැවටුනේ
සුළු වුණාදෝ මුළු හදින් මා පුද කළා වූ ආදරේ
සුන් වුණා...
දැල් වුණා දැල් වුණා හැදේ ශෝක ගිනි දැල් වුණා
බොඳ වුණා බොඳ වුණා මැවූ මාලිගා බොඳ වුණා...