ගී පද
සුහුඹුල් සෙනෙහේ හද මාගේ
උපදී සසරේ නුඹේ නාමෙන්
පුදසුනේ මල් වගේ පිවිතුරු සෙනෙහේ
ආදර හෝඩියේ මුලකුරුයි නුඹ මගේ.....
හංගා වැටෙනා කඳුලක් පාසා
ගොළු වී හැඬෙනා සුසුමක් පාසා
දිවියේ පිහිට වූ දේවතා
ආදරය දුන් අගනා.....
සුහුඹල් සෙනෙහේ......
තුරුලේ නලවා ලෝකේ පෙන්නා
හංගා කඳුලැල් හසරැලි නගනා
ජීවිතේ රැක බලා ඇය නමින් පේවුණා
ආදර හෝඩියේ මුලකුරුයි අම්මා.....
සුහුඹල් සෙනෙහේ......