සුහුඹල් සෙනෙහේ (අම්මා)suhumbal senehee (ammaa)

Suhubul Senehe (Amma)

Music:
චමෝද් ධර්මරත්නchamoodh dhharmarathna
Lyrics:
ශානු සමරකෝන්shaanu samarakoon

Lyrics

සුහුඹුල් සෙනෙහේ හද මාගේ 
උපදී සසරේ නුඹේ නාමෙන්
පුදසුනේ මල් වගේ පිවිතුරු සෙනෙහේ 
ආදර හෝඩියේ මුලකුරුයි නුඹ මගේ.....

හංගා වැටෙනා කඳුලක් පාසා 
ගොළු වී හැඬෙනා සුසුමක් පාසා
දිවියේ පිහිට වූ දේවතා
ආදරය දුන් අගනා.....

සුහුඹල් සෙනෙහේ......

තුරුලේ නලවා ලෝකේ පෙන්නා
හංගා කඳුලැල් හසරැලි නගනා
ජීවිතේ රැක බලා ඇය නමින් පේවුණා
ආදර හෝඩියේ මුලකුරුයි අම්මා.....

සුහුඹල් සෙනෙහේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.