ගී පද
සුදේහිනියෙ පිදු ආලය පණ සේ රකිමි
ඔබේ නීල නුවන් තුළින් සුරලොව දකිමි
ළඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොදුරේ.....
ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
තාම අපේ සෙනෙහස දළු දා ලියලනවා
ප්‍රේමශිකාවගෙ බැල්මට හද පරදිනවා.....
ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුගලද කියා මට හිතේ
උාද් හවා එන මඳ සුළඟට මුසුවෙද්දෙන්
ඹබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්.....