සුදේහිනිය පිදු ආලයsudheehiniya pidhu aalaya

Sudehiniya Pidu Alaya

Lyrics

සුදේහිනියෙ පිදු ආලය පණ සේ රකිමි
ඔබේ නීල නුවන් තුළින් සුරලොව දකිමි
ළඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
මගේ කවක පදයක් මෙනි ඔබ මට සොදුරේ.....

ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
තාම අපේ සෙනෙහස දළු දා ලියලනවා
ප්‍රේමශිකාවගෙ බැල්මට හද පරදිනවා.....

ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුගලද කියා මට හිතේ
උාද් හවා එන මඳ සුළඟට මුසුවෙද්දෙන්
ඹබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.