සොඳුරු ප්‍රේමයක චිතකයsonduru preemayaka chithakaya

Sonduru Premayaka Chithakaya

සංගීතය:
ඉන්ද්‍රජිත් මිරිහනගේindhrajith mirihanagee
පද රචනය:
සමන් කුලරත්නsaman kularathna

ගී පද

සොඳුරු ප්‍රේමයක චිතකය අභියස
කඳුළු සළුව උඩු සුළඟට විසිකර 
කඩා හැලෙන සිත් අහසට ඉඩහැර
කෙසේ දවන්නද මතක පිරුණු හිත

ලයට තුරුළුවී දෙඩු පෙම් කතා
සවනේ වෙලෙමින් යලි යලි ඇසුනා
මහද සිසිල් කල නුඹේ සිනා වත
සිහිනය බොදවී නෙතගින් වැටුනා

සොඳුරු ප්‍රේමයක ....

ප්‍රථම ප්‍රේමයේ නටබුන් අතරින්
නුඹේ රුව ඉඳ හිට සක්මන් කෙරුවා
විරහ ගීතයේ වස්දඩු සරයෙන් 
මගෙ හද පත්ලම ගිනියම් කෙරුවා

සොඳුරු ප්‍රේමයක ....