Lyrics
සොඳුරු ප්‍රේමයක චිතකය අභියස
කඳුළු සළුව උඩු සුළඟට විසිකර
කඩා හැලෙන සිත් අහසට ඉඩහැර
කෙසේ දවන්නද මතක පිරුණු හිත
ලයට තුරුළුවී දෙඩු පෙම් කතා
සවනේ වෙලෙමින් යලි යලි ඇසුනා
මහද සිසිල් කල නුඹේ සිනා වත
සිහිනය බොදවී නෙතගින් වැටුනා
සොඳුරු ප්‍රේමයක ....
ප්‍රථම ප්‍රේමයේ නටබුන් අතරින්
නුඹේ රුව ඉඳ හිට සක්මන් කෙරුවා
විරහ ගීතයේ වස්දඩු සරයෙන්
මගෙ හද පත්ලම ගිනියම් කෙරුවා
සොඳුරු ප්‍රේමයක ....