සොඳුරු ලොවටsonduru lowata

Sonduru Lowata

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ජෝජ් ලෙස්ලි රණසිංහjooj lesli ranasinha

ගී පද

චිත්‍රපටය : අපේක්ෂා (1978)

F: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා

F: රෝස මලට හිත වැටිලා 
බඹරෙකු සේ මා සොයලා 
ඈත හිටන් ආ...
ඈත හිටන් ආවදෝ 
ඔබ පියඹාලා 
M: මා ආදරේ පායන් හදේ 
F: මා ආදරේ පායන් හදේ 

M: ගුණ සුවඳට මත් වෙනවා 
හද මල් උයනක් වෙනවා 
සිත උතුරා ආ...
සිත උතුරා ගලන පැයේ 
ඔබ ළං වෙනවා 
F: මා ආදරේ පායන් හදේ 
M: මා ආදරේ පායන් හදේ 

F & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: පෙමට පායලා 
M: පෙමට පායලා
F: පෙමට පායලා 
M: පෙමට පායලා