Lyrics
චිත්‍රපටය : අපේක්ෂා (1978)
F: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන් ආ...
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
M: මා ආදරේ පායන් හදේ
F: මා ආදරේ පායන් හදේ
M: ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා ආ...
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
F: මා ආදරේ පායන් හදේ
M: මා ආදරේ පායන් හදේ
F & M: සොඳුරු ලොවට මල් වැහැලා - තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා - පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලා
F: පෙමට පායලා
M: පෙමට පායලා