සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේsomiyata waren puthaa agula dhaalaa nae dhoree

Somiyata Waren Putha

ගී පද

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතු⁣රේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

පච්ච සිරාලා එතකොට කොච්චි ඇනාලා
ගුස්පි රොබාලා එයි මෙහේ සොමිය සොයාලා
සැප විදාලා බුෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වලදලා

නලුමන්ලා නිලිමන්ලා කැමරා කතාලා
අලි වංශෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින් කපල් එකට වැටීලා
ටූ තව්සන් ත් ‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ....

ටිකිරි ටිං එකෙන් නැතිනන් ටොනික් ඩප්පියෙන්
ෆේස්ටු ෆේස් එනවානන් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරැවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කඩු බොරැ නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නන් කොත කුරැසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරැ පොත
බ්ලේඩ්වලින් කැ⁣පන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතු⁣රේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

ඒ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ .. //