ගී පද
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවු රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍ය අංගනාවී...
දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි
මාලතී කොපුල් සිනාසී - ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී...
සිතින් ප්‍රේම වඩනා...
හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගේ කෝල බැල්මේ පෑයු මුනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී…..
සිතින් ප්‍රේම වඩනා…..//