සිතින් ප්‍රේම වඩනාsithin preema wadanaa

Sithin Prema Wadana

Lyrics

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී 
මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී 
තාරකා රිදී සිනාවන් 
අහස්කුස මැවු රටාවන් 
පීදෙනා මගේ හැගුම් සිත්තම් 
මා දිව්‍ය අංගනාවී...

දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම් 
රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි 
මාලතී කොපුල් සිනාසී  - ආදරේ දෝර ගලාවී 
සුසුම් වැල් දෑසේ මියැදී...

සිතින් ප්‍රේම වඩනා...

හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල්
මල් වාගේ කෝල බැල්මේ පෑයු මුනේ මායා විකුමන්
මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී 
සුසුම් වැල් දෑසේ මියැදී…..

සිතින් ප්‍රේම වඩනා…..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.