ගී පද
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී
ජය භූමී .... ජය භූමී .... ශ්‍රී ලංකා
සිරි දරු හෙළ දිව පුරාතනේ //
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ
කෝ අනේ අද දිනේ කිම උනේද දරුවනි අහෝ //
නෑ පෙනෙන්ට කිසි තැනේ //
කොහි ගියේ ද මා දමා පෙම්බර මා පැටවුනේ
පෙම්බර මා පැටවුනේ
ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා //
කර ශ්‍රි සෞභාග්‍ය ළගා ගියේ ඇයි මා දුකෙහි දා
කෝ අනේ ....
දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී //
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී //
සැහැසි ක්‍රියා නිතර කෙරෙති /
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මෙ මර නින්දේ අද එනු එනු පිබිදී
එනු පිබිදී .... එනු පිබිදී ....