සිරි දරු හෙළ දිව පුරාතනේsiri dharu hela dhiwa puraathanee

Siri Daru Heladiwa Purathane

Lyrics

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී
ජය භූමී .... ජය භූමී .... ශ්‍රී ලංකා 

සිරි දරු හෙළ දිව පුරාතනේ //
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ 

කෝ අනේ අද දිනේ කිම උනේද දරුවනි අහෝ //
නෑ පෙනෙන්ට කිසි තැනේ //
කොහි ගියේ ද මා දමා පෙම්බර මා පැටවුනේ
පෙම්බර මා පැටවුනේ

ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා //
කර ශ්‍රි සෞභාග්‍ය ළගා ගියේ ඇයි මා දුකෙහි දා 

කෝ අනේ ....

දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී //
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී //
සැහැසි ක්‍රියා නිතර කෙරෙති /
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මෙ මර නින්දේ අද එනු එනු පිබිදී
එනු පිබිදී .... එනු පිබිදී ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.