ගී පද
ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි
ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා...
සිරි දැරූ හෙළ දිව පුරාතනේ//
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ...
කෝ අනේ අද දිනේ කීම උනේද දරුවනි අහෝ//
නෑ පෙනෙන්ට කිසි තැනේ//
කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ
පෙම්බර මා පැටවුනේ...
ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා//
කර ශ්‍රී සෞභාග්‍ය ළඟා ගියේ ඇයි මා දුකෙහි දා...
කෝ අනේ...
දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී//
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී//
සැහැසි ක්රිදයා නිතර කෙරෙති//
දුසිරිතටම ඇදි ඇදී
නොඉඳ මේ මර නින්දේ අද එනු එනු පිබිදී
එනු පිබිදී... එනු පිබිදී...