සිරි දැරූ හෙළ දිව පුරාතනේsiri dhaeruu hela dhiwa puraathanee

Siri Daru Heladiva Purathane

Lyrics:
ආනන්ද සමරකෝන්aanandha samarakoon

Lyrics

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි 
ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා...

සිරි දැරූ හෙළ දිව පුරාතනේ//
ජයකොඩි නැංවූ වීර විකුමැති මා රම්‍ය දරුවනේ...

කෝ අනේ අද දිනේ කීම උනේද දරුවනි අහෝ//
නෑ පෙනෙන්ට කිසි තැනේ//
කොහි ගියේද මා දමා පෙම්බර මා පැටවුනේ 
පෙම්බර මා පැටවුනේ...

ලකඹර ජය කෙහෙළි නගා සැමට සුසිරි සෙත සදා//
කර ශ්‍රී  සෞභාග්‍ය ළඟා ගියේ ඇයි මා දුකෙහි දා...

කෝ අනේ...

දන අද දුකඳුරෙහි ගිලී ඇයි මේ ලෙස දිළිඳු වී//
ඇසැර බලව් හිඳ අවදිව ලක යයි පිරිහී//
සැහැසි ක්රිදයා නිතර කෙරෙති//
දුසිරිතටම ඇදි ඇදී 
නොඉඳ මේ මර නින්දේ අද එනු එනු පිබිදී 
එනු පිබිදී... එනු පිබිදී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.