ගී පද
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා......
ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ
විදුරසුනේදී මුනි රාජා
ආ දස බිම්බර මාර සේනා
පෙරුම් බලෙන් පරදාලා......
ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී
ජය බිම විශාලා
ශාසන ආලේ ඇති ලෝ වාසී
භව දුක නසන සේමා
වඳිනෙමු මෝක්ෂ පතලා......