සිරි බුද්ධගයා විහාරේsiri budhdhhagayaa wihaaree

Siri Budhdha Gaya Vihare

Lyrics:
එච් ඩබ්ලියු රූපසිංහech dabliyu ruupasinha

Lyrics

සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා
ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා......

ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ 
විදුරසුනේදී මුනි රාජා
ආ දස බිම්බර මාර සේනා 
පෙරුම් බලෙන් පරදාලා......

ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී 
ජය බිම විශාලා
ශාසන ආලේ ඇති ලෝ වාසී 
භව දුක නසන සේමා
වඳිනෙමු මෝක්ෂ පතලා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.