සිනා පොදක්වී ඔබගේ දෑසේsinaa podhakwii obagee dhaesee

Sina Podak Wee Obage Dese

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

සිනා පොදක්වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම්පිරූ මට
කඳුළැල්ලක් වී ඔබගේ දෑසෙන්
ගිලිහීයන්නට උරුම කලේ ඇයි

සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම්පැතූ මා
මිරිඟුව දක්වා නෙතුයුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි 

මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අහුරා
අසරණ කර දා ඉවතගියේ ඇයි