Lyrics
සිනා පොදක්වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම්පිරූ මට
කඳුළැල්ලක් වී ඔබගේ දෑසෙන්
ගිලිහීයන්නට උරුම කලේ ඇයි
සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම්පැතූ මා
මිරිඟුව දක්වා නෙතුයුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි
මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අහුරා
අසරණ කර දා ඉවතගියේ ඇයි