ගී පද
සිනා පොදක් දෙන්නේ කවදාදෝ ස්නේහයේ නාමෙන්
කඳුළු බිඳක් සැමදා උරුමයිදෝ මා නෙතට ඔබගෙන්
(මා හද දිනුවේ සැමදා පැතුවේ ඔබ පමණයි ළඳුනේ.....//)
වේදනාවන් නෑ මෙතරම් ඔබේ බැනුම් නොලැබිණි නම්
ආදරේ ගැන හැඟුමන් සිතට නොදී සිටියා නම්......
සිනා පොදක්.......
ප්‍රාර්ථනාවන් සිත කෙතරම් ඇතත් ඔබව නොලැබේ නම්
ජීවිතේ ගැන හැඟුමනි සිතින් මකා තනිවෙන්නම්......
සිනා පොදක්......