ගී පද
සිහින සතක් මැද - විමනක් සැදුනයි
සීත සඳුන් සුව - ඒ තුළ තිබුණයි
වාසනාවෙ මල් - හදවත පිපුණයි
ගීත නාද දෙව් - ලෝකෙන් ඇහුණයි
නීල නුවන් ගැබ - සෝක වළාවෝ
වේදනාව ගෙන - හද අඹරෝරේ
ඈතින් පොරකා - තෙරපී ඇඹරී
දෑසෙ කදුළු වැල් - රෑරා වැගිරෙයි
අකාලයේ වැසි - දිය ඇද හැලිලා
සෝක සුසුම් ගග - ඉවුරු තලාලා
වාසනාවෙ මල් - අකලට මැරුණයි
ප්‍රේම ලෝකෙ රන් - මන්දිර හැදුනයි